Donors Review  (පරිත්‍යාගශිලින්ගේ අදහස්) 

ව්‍යාපෘතියට දායකත්වය දක්වන, ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් ආශිර්වාද කරන ෆේස්බුක් මිතුරන්ගේ අදහස් මෙහි පළකර ඇත.
ඔබේ අදහසද දැක්වීමට කාරුණික වන්න. 

මිනිස්සු පක්ශ පාට බෙදාගෙන හැමදේම රජයට පවරලා රජයවල් වල අඩු පාඩු හොයන්න වෙලා තිබ්බට තමන්ටත් පුලුවන් විදිහට රටේ මිනිස්සුන්‍ට දෙයක් කරන්න පුලුවන් කියන එක අමතක වෙලා.තන්හාව අසීමිත ආශාවන් වලින් මොලේ පිස්සු වැටිලා.එහෙම වෙලාවක තමන්ගේ මුලු කාලයම කැපකරලා තාක්ශණයත් උපරිමටම යොදාගෙන 100%ක් අවංකභාවයෙන් 100% විනිවිදව සැකයකින් තොරව මිනිස්සුන්ට පින් කරන්න හොද ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා.තමන් වියදම් කරන මුදල 100%ක්ම අසර්ණයෙක්ගේ බඩගිනි නිවන්න අසරණකමකට පිහිට වෙන්න යෙදවෙනවා කියන සහතිකය samajasathkara.lk හැර වෙන කිසිම පුණ්‍යාතනයකින් හෝ සමාජ ආයතනයකින් බලාපොරොත්තු වෙන්න බෑ.ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා කිසිම දෙගෙඩියාවකින් තොරව Danesh Maduranga Edirisooriya එක්ක එකතුවෙලා මේ පිංකමට දායක වෙන්න කියලා.
Nadeeja Fernando

Software Developer / System Administrator, Essilor Lanka

With the covid19 pandemic very severe in Sri Lanka, it is important we do everything within our power to protect our family, friends and fellow citizens. So, the single most important thing that our officials can do is to drastically increase our testing capacity. To do this, real time PCR (RT-PCR) machines are needed. As a scientist who routinely performs experiments with this machine, I cannot stress enough how important this machine is for increasing our testing capacity which other countries have realized the importance of and have ramped up their capacity drastically. When we increase our testing capacity, we can come up with plans to contact trace and quickly isolate infected individuals so that they are given the medical care needed and to prevent further spread. I kindly request your support towards this enormous, selfless and bold undertaking by Danesh to help our fellow citizens be safe.

Dhenugen Logeswaran

Postdoctoral Researcher, Arizona State University

ගොඩාක් හොද පින් අත්වෙන කර්තව්යක් අපි හැමෝම මේ වගේ දේවල් වලට උදව් කරන්න ඕනෙ අපේ කියන හැගීමෙන් ලොකුවට හිතන්න දෙයක් නෑ පුන්චි රුපියලකින් හරි අධාරයක් කරල මේ වගේ පුණ්ය කර්ම වලට අපි සහබාගී වෙමු ඒක කොහේද කොතනද කියල හොයන්නෙ නැතුව අපි හැමෝම එකතු වෙලා මේ පින්මට සගබාගී වෙමු මගේ නම් එකම හැගීම මේ වගේ උතුම් වැඩ වලට සහබාගී වීමයි

Mohan Rangika

District Hospital - Maligawatta

මම ධනේශ්ව දැනගන්නේ මීට අවුරුදු 12 කට කලින්.. මට මුලින් වෙබ් සයිට් එකක් හදන්නේ කොහොමද කියල බිංදුවේ ඉදල කියල දුන්න.. එතනින් පටන් ගත්ත මගේ වියාපාරය අද වෙනකොට සේවකයන් 20 ක් ලංකාවට, පිටරටට සේවාවන් සපයමින් ආයතන 40 කට සේවාවන් සපයනව. ඒ විතරක් නෙවෙයි මගෙ යටතේ පුහුනු වූ අය 100 කට වැඩි ප්රාමානයක්. එදා ඒ කරපු උදව්ව නිසා සමාජයේ ලොකු දෙයක් ඔයා කරා කියල සමහර විට ඔයා දන්නේ නැතුව ඇති. ඉතින් මේ වගේ කරන හැම වැඩකටම අපි පුලුවන් සහයෝගය දෙනව.. දීර්ඝායුශ පතනව ඔබට..

Thushara Senarathna

Managing Director, FishiFox - Pvt Ltd

වසර ගනනාවකට පෙර හදුනා ගත් ඔයා නිසා මල්ලී මමත් මගේ පවුලේ හැමෝමත් ගොඩාක් පින් කම් සිද්ද කර ගත්තා. මම විශේෂ අවස්ථාවකදී පින් කමක් කර ගන්න උදව් ඉල්ලූ සෑම විටකම ඔයා කොච්චර වැඩ තිබුනත් මට ඒ අවස්ථාව සලසලා දුන්නා. ඔයා කරන සියලු කටයුතු සාර්ථක වේවායි මුලු හදවතින්ම ප්රාර්ථනා කරනවා. ඔයාට තෙරුවන් සරණයි ?

Chanishta Gunawardena

Donor - SamajaSathkara.lk

මෙය මොහොතේ අප මාතෘභූමියේ වෙසෙන ජනතාවගේ යහපත වෙනුවෙන් කළ යුතු යුග අවශ්යතාවයක් ලෙසයි මා දකින්නෙ,එබැවින් පරාර්ථකාමී මිනිසුන් ලෙස මෙම උත්තුංග කාර්යය යථාර්ථයක් කරගැනීමට කටයුතු කරමු.ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු.

Asiri Rajapaksha

අපගේ ව්‍යාපෘතිය පිළිබඳව අදහස පලකරන්න